ඒරාෂ්ටකය?

ඒරාෂ්ටකය නම් ඒර් යනු සංස්‌කෘතික භාෂාවේ චන්ද්‍රයාය. අෂ්ටක යනු 8 ය. එනම් චන්ද්‍රයාගෙන් 8 වැන්න යන්නයි. එනම් චන්ද්‍රයා සිටින රාශියත්, 8 වැන්නට ශනි පැමිණීම (ගෝචර ගමන) ඒරාෂ්ටකය යන්නේ තේරුම වේ. මෙහිදී සෙනසුරු රාශියක්‌ තුළ හැසිරීම අවම වශයෙන් වසර 2 1/2 ක්‌ සිදු වේ. එය වක්‍ර වීම්, නිවෘත වීම් පාදක කොටගෙන සිදු වේ.

සෙනසුරු ඒරාෂ්ටකයේදී ශනිගේ ගෝචර ගමන පදනම් කරගෙන අපල කාලය තීරණය කළ යුතු වේ. මෙහිදී ලග්නයෙන් 12 වැන්න, ලග්නය, ලග්නයෙන් 2 වැන්න, උපතේදී චන්ද්‍රයා සිටි රාශිය හා එම රාශියෙන් 8 වැන්නේ සෙනසුරු ගෝචර වන කාලය, ඒරාෂ්ටක අපල කාලය ලෙස හැඳින්වේ.

මෙම කාලය තුළදී ගෘහ ජීවිතයේ ගැටලු, දිළිඳු වීම, හදිසි අනතුරු හා නින්දා, අපහස, ලෙඩ රෝග, සිත්තැවුල් හා මරණ පවා ඇති විය හැක. ජීවිත කාලය තුළ මෙය මිනිසුන්ට කේන්ද්‍රය අනුව විවිධ ආකාරයෙන් බලපායි.

එසේම ඒරාෂ්ටකය තුළදී රාජ්‍ය උරුම වීම, ධනය ලැබීම, විභාගවලින් ජයග්‍රහණ, ගේදොර ඉදිකිරීම්, යාන වාහන මිලට ගැනීම් ආදිය සිදු වේ. මෙහිදී ඒරාෂ්ටකයට අමතරව දශාවේ, අන්තර් දශාවේ බලපෑම, කේන්ද්‍රය තුළ ශනිගේ ප්‍රබලතාවය පාදක කරගෙන, අනෙකුත් ග්‍රහයන්ගේ ගෝචර ගමන පදනම් කරගෙන, ඒරාෂ්ටකයේ අපල යෙදෙන ආකාරය නිර්ණය කළ යුතුය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *