ඔක්කොම කරන්න ඕන රාහු කාලය පන්නලා ද?

රාහු කාලය කියන්නේ අසුභ කාලයලුනේ. ගොඩක් අය තමන්ගේ සුභ කටයුතු කරන්නේ ඔය කියන රාහු කාලය පන්නලා. රාහු කාලය පන්නල කරන සුභ කටයුතු සාර්ථක වෙනවා කියලනේ කියන්නේ. දැන් ප්‍රශ්නේ මේකයි.

හදිසියේ යෙදෙන කටයුතු ඔය කියන රාහු කාලයේ වෙන්න පුළුවන්නේ. උදාහරණයක් විදිහට දරුවෙක් ඉපදෙන කොට ඒ ඉපදෙන වෙලාව රාහු කාලය උනොත් ඒ දරුවාගේ මුළු ජීවිතේම නරක් වෙනවද? එහෙම නැත්නම් ඕකම අනිත් පැත්තට හිතුවොත් රාහු කාලයේ හැර ඉපදෙන සියලු දරුවන්ගේ ජීවිතය ඉතාම සුබදායක අන්දමින් ගෙවෙනවද? ඇත්තටම එහෙම වෙන්න බෑ නේද?

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *