උදාවූ වසර 2019 කොහොමද

2019 ජනවාරි මස 1 වන අඟහරුවාදා උදේ 06.38ට යෙදෙන සුභ මොහොතේ දකුණ බලා ලිප් බැඳ කිරි උතුරවා ඉෂ්ට දේවතාවුන් වහන්සේ සිහි කොට පැතුම් ඉටුවන වාසනාවන්ත නව වසරක් ප‍්‍රාර්ථනා කරන්න.

මෙම වර්ෂය අප රට පැත්තෙන් බැලූ කල දේශපාලන උණුසුම බෙහෙවින් ඇති වන එමෙන්ම මැතිවරණ ඉඟි දැනෙන හා මැතිවරණ ගැටලූ මෙන්ම ඒ ආශ‍්‍රිතව ජනතාව අතර නොසන්සුන්තා මෙන්ම කලකෝලාහල ඇතිවන වසරකි. දේශපාලනයේ අමුතුම සිද්ධීන් ඇති වනු ඇත. ප‍්‍රබල දේශපාලන නායකයකුට අපල තත්ත්වයක් ඇති වනු ඇත. මෙම තත්ත්වය බොහෝ දුරට වසරේ මුල් කාල සීමාව තුළ දක්නට ලැබේ. එම නිසා ජනතාව ඒ පිළිබඳව බුද්ධිමත් විය යුතුය. නොපැතු නොසිතු අමුතු සිද්ධීන් අසන්නට වන වසරකි. රටේ ප‍්‍රබල දේශපාලන වෙනස්කම් හා නව ප‍්‍රවණතා රාශියක් ඇති විය හැකිය. ව්‍යවස්ථා වෙනසක් ඇති විය හැකිය. රාජ්‍ය පාලනයට විදේශ මැදිහත්වීම් බහුලව වන වසරකි. අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ ඇතිවන අතර නමුත් පාසල් සම්බන්ධව ගැටලූ හා ප‍්‍රශ්න ඇතිවනු ඇත. කෘෂිකර්මාන්තය දියුණු වන වසරකි. නමුත් වගා හානි, නිය`ගය, මෙන්ම නායයෑම්, ජල ගැලීම් සාගරය අශ‍්‍රතව ඇති ගැටළු හා ස්වභාවික දේශගුණ විපර්යාස රාශියක් ඇතිවිය හැකිය. බලශක්ති අර්බුදයන් මෙන්ම රටේ ආර්ථිකයේ ගැටලූකාරී තත්වයන් ඇතිවිය හැකිය. රටේ සංවර්ධනය තවදුරටත් මන්දගාමීව වර්ධනය වනු ඇත. මත්ද්‍රව්‍ය, ගණිකා, මංකොල්ලකෑම් මෙන්ම නිතී විරෝධී ක‍්‍රියා බහුලවන අතර ඒ පිළිබද දැඩි දඩුවම්ද ක‍්‍රියාත්මක වනු ඇත. රිය අනතුරු බහුල වන වසරකි. අන්තවාදී කල්ලි හා ත‍්‍රස්තවාදී කල්ලි ඇති වීමේ ප‍්‍රවණතාවයක් මෙම නව වසර තුළ දක්නට ඇත.

නව කර්මාන්ත ඇතිවන වසරකි. සංචාරක කර්මාන්තය දියණුවනු ඇත. ව්‍යාපාර හා ඉදිකිරීම් ක්ෂේත‍්‍රවල කැපීපෙනෙන වර්ධනයක් ඇතිවන වසරක් වනු ඇත. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල මෙන්ම ඉඩම් හා වාහන මිලද ශීඝ‍්‍රයෙන් ඉහළයනු ඇත. මෙම වසර ලංකාවාසී ඔබ සැමට සුබ අසුබ සම සමව හිමිවන වසරක් වනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *